header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දිලිත්, විමල් හා උදය ඇතුළු පිරිසට එරෙහිව නඩු නිමිත්තක් තිබේද? නියෝගය ජනවාරි 12 වැනිදා
දිලිත්, විමල් හා උදය ඇතුළු පිරිසට එරෙහිව නඩු නිමිත්තක් තිබේද?  නියෝගය ජනවාරි 12 වැනිදා
Mobitel 1278

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල තුළ බැලූ බැල්මට නඩු නිමිත්තක් තිබේද යන්න පිළිබඳ නියෝගය ජනවාරි 12 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (13) ප්‍රකාශ කළේය.

ඒ අදාළ පැමිණිල්ල පිළිබඳ මූලික කරුණු සලකා බැලීම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (13) අවසන්වීමෙන් අනතුරුවයි.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු හය දෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද තෙවන දිනටත් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීය.

එහිදී වගඋත්තරකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මද්දෙගොඩ මහතා වැඩිදුර කරුණු දක්වමින් මෙසේ පැවසුවා.

" අද දෙරණ ඇතුළු යූටියුබ් නාලිකා කිහිපයක 'ශානිගේ වධකාගාරය තුළ සුරේෂ් සලේ රඳවාගෙන වධ හිංසාවන්ට ලක් කෙරෙන බවට' මගේ සේවාදායකයා ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැති ලෙස නිකුත් කළ රැඳවුම් නියෝගය ගැන කරුණු දක්වමින් ඔහු කියා ඇත්තේ සාමාන්‍ය නිතිය යටතේ සලේ සම්බන්ධ විමර්ශන සිදුකරන්න කියලා. එකී කිසිඳු යු ටියුබ් වීඩියෝවක ඔහු අධිකරණය හෝ විනිසුරුවරයෙක් ගැන කිසිවක් සඳහන් කර නැහැ. එසේ තිබියදී 2024 අංක 08 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීමේ පනත යටතේ අපහාසයක් සිදුකළ බවට චෝදනා කරන්නේ කොහොමද? ඒ නිසා මගේ සේවාදායක වගඋත්තරකරුට එරෙහිව මෙම චෝදනා පවත්වාගෙන යන්න බැහැ."

ඉන් අනතුරුව මෙම පැමිණිල්ලට අදාළව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

" ස්වාමිනි, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග දෙකක් නිකුත් කිරීමට නියමිතව තිබියදී තමයි වගඋත්තරකරුවන් මෙම ප්‍රශ්නගත ප්‍රකාශ සිදු කර තිබෙන්නේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව රජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීමේ සිද්ධියට අදාළව ඉකුත් ජුනි මස 10 වනදා සහ ජුලි මස 01 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග දෙකක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එසේ තිබියදී මෙම වගඋත්තරකරුවන් ජුනි මස 07 වනදා සහ ජූනි මස 15 වනදා අතර කාලසීමාව තුළ මෙම ප්‍රකාශ සිදුකර තිබෙනවා. "

වැඩිදුරත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙසේ පැවසීය.

" අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව කරුණු වාර්තා කිරීමෙන් පසුව එම ප්‍රකාශවලට අදාළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබුණා. එසේම සමාජ මාධ්‍යවල පළ වූ පලකිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය හරහා වාර්තාවක් කැඳවීමටත් මහෙස්ත්‍රාත් වරයා නියෝග කළා. ඒ අනුව වීඩියෝ දර්ශන සහ සමාජ මාධ්‍ය පළ කිරීම පිළිබඳ වාර්තා කැඳවා කරුණු විමසා වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව බැලූ බැල්මටම පෙනී යන බව නිගමනය කිරීමෙන් පසුවයි මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ "

එම අවස්ථාවේදී වගඋත්තරකාර දිලිත් ජයවීර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි... මගේ සේවාදායකයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව ඔහු විසින් ස්වේච්ඡාවෙන්ම තීරණයකට එළඹ නැහැ. වග උත්තරකරුවන් සිදුකළ ප්‍රකාශ වලින් විමර්ශන නිලධාරීන්ට හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම්  සිදුවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ  කරුණු සලකා බැලීමෙන් පසුවයි ඔහු මේ තීරණයට එළැඹුණේ. " යැයි පැවසීය.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් "මෙහි ඇතැම් වගඋත්තරකරුවන් ප්‍රකාශ කර තිබෙනවා තමන් අධිකරණය හෝ විනිසුරුවරයා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බවට ශානිගේ වධකාගාරය ගැන ප්‍රකාශ කිරීම අධිකරණයට අපහාසයක් නොවන බවට මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද? " යනුවෙන් විමසීය.

ඊට පිළිතුරුදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා "ස්වාමීනී පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අපහාස කිරීමේ පනතට අදාළ වන්නේ නෑ. ඒ පිළිබඳ විවාදයක් නැහැ. නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සැකකරුවකු මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කිරීම අධිකරණ ක්‍රියාවලියේ කොටසක්." යනුවෙන් සඳහන් කළේය.

අනතුරුව මෙම පැමිණිල්ලට අදාළ වාචික දේශන විමසීම අවසන් කළ අභියාචනාධිකරණය ලිඛිත දේශන තිබේ නම් ඒවා දෙසැම්බර් මස 15 වැනිදා ඉදිරිපත් කරන ලෙසට නියම කළේය.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල තුළ බැලූ බැල්මට නඩු නිමිත්තක් තිබේද යන්න පිළිබඳ නියෝගය ජනවාරි 12 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය දින නියම කළේය.

 

MostRead
Mobitel 1278
VideoStories
අයවැය විවාදය අරඹමින් පෙර අයවැයේ කරනවා කියපුවා සජිත් එකින් එක දිගහරියි | Ada Derana

අයවැය විවාදය අරඹමින් පෙර අයවැයේ කරනවා කියපුවා සජිත් එකින් එක දිගහරියි | Ada Derana

2027 අයවැය යෝජනා පසුවිපරම් කථිකාව - ''ආර්ථික ස්ථායිකරණය අවසන්...රට වර්ධන මාවතට පිවිසිලා''

2027 අයවැය යෝජනා පසුවිපරම් කථිකාව - ''ආර්ථික ස්ථායිකරණය අවසන්...රට වර්ධන මාවතට පිවිසිලා''

''අනුරාධපුරය රැකගත යුතුයි කියලා අමුතුවෙන් සිහිපත් කරන්න දෙයක් නැහැ... ඒක අපේ හදවත වගේ'' | Ada Derana

''අනුරාධපුරය රැකගත යුතුයි කියලා අමුතුවෙන් සිහිපත් කරන්න දෙයක් නැහැ... ඒක අපේ හදවත වගේ'' | Ada Derana

අයවැය ගැන ජනතාවට හිතුණු දේ | Ada Derana

අයවැය ගැන ජනතාවට හිතුණු දේ | Ada Derana

 අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

 අකාලයේ මිලිනවී ගිය සකුරා මල

අකාලයේ මිලිනවී ගිය සකුරා මල

 කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි