
චීනය සිය ප්‍රධාන යුද ගුවන්යානා ප්‍රවාහන නෞකාවක් සහ ප්‍රහාරක නාවික බලඇණි යොදාගනිමින් බටහිර පැසිෆික් කලාපය තුළ දැවැන්ත යුද අභ්‍යාසයක නිරත වන බව තායිවාන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
තායිවාන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ චීනයේ මෙම හමුදාමය ක්‍රියාකාරකම් පිළිබඳව සිය ආරක්ෂක බළකායන් ඉතා සමීපව සහ දැඩි අවධානයෙන් පසුවන බවය.
කෙසේ වෙතත්, තායිවාන ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
තායිවානය තමන්ගේම භූමියක් ලෙස සලකන චීනය, අඛණ්ඩව එම දූපත වටා පිහිටි ගුවන් සහ සාගර කලාප වෙත සිය යුද ගුවන්යානා සහ නෞකා යැවීමට කටයුතු කරයි.
පසුගිය සතියේදී තායිවාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් X සටහනක් තබමින් අනාවරණය කළේ, තායිවානයට ඔබ්බෙන්, දකුණු චීන මුහුදේ සහ පැසිෆික් කලාපය තුළ චීන නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බළකායට අයත් නෞකා 100 කට වැඩි ප්‍රමාණයක් යොදවා තිබූ බවය.
චීනය මෙතෙක් නිල වශයෙන් කිසිදු යුද අභ්‍යාසයක් ප්‍රකාශයට පත්කර නොමැති වුවද, තායිවානයට ආසන්නයෙන් චීන ගුවන් හමුදා යානාවල සැරිසැරීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසය.
චීනය මෙම යුද අභ්‍යාස ක්‍රියාත්මක කරන්නේ ලබන සතියේ ෂෙන්ෂෙන් හිදී පැවැත්වීමට නියමිත ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා රාජ්‍ය නායක සමුළුවට සහ මෙම මස අගදී පැවැත්වෙන තායිවාන පළාත් පාලන මැතිවරණයට ආසන්නව වීම විශේෂත්වයකි.
මෙම APEC සමුළුවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
මෙවැනි හමුදාමය තර්ජන එල්ල කිරීම් මගින් ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය බිඳවැටෙන බව තායිවානයේ මතයයි.

















































