
රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනාකමකින් යුත් අයිස්, හෑෂ් සහ මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු මුල්ලේරියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ සිංහලේ පන්සල ආසන්නයේ පදිංචි ‘බුද්ධිම’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු වේ.
පොලීසිය පැවසුවේ ඔහු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 108ක්, මත්කරල් 77ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 850ක් සොයාගෙන ගත් බවය.
නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (11) සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර ඔහු අද (12) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

















































