
BIMSTEC සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවට සහභාගී වීම සඳහා මෙරටට පැමිණ සිටින එම සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජිත කණ්ඩායම් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ.
එහිදී නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය, BIMSTEC සෞඛ්‍ය අමාත්‍ය මණ්ඩලයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවීම පිළිබඳව සිය සතුට පළ කළාය.
මෙහිදී BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේදී සාකච්ඡා වූ කරුණු සහ එහි ප්‍රතිඵල පිළිබඳව නියෝජිත පිරිස සිය අදහස් ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම, සෞඛ්‍ය ක්ෂේත්රය තුළ කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යෝජිත නව ක්ෂේත්‍ර සහ වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.
විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සහ කුසලතා සංවර්ධනය තුළින් මහජන සෞඛ්‍ය ක්ෂේත්රයේ කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින අභියෝගවලට මුහුණදීම සඳහා සාමූහික ප්‍රවේශයක අවශ්‍යතාව එහිදී අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, ප්‍රගතිය අත්කර ගැනීම සඳහා එක් එක් රටවල් තනිව ක්‍රියාත්මක වීම වෙනුවට BIMSTEC සාමාජික රටවල් සියල්ලේම පොදු කැපවීම සහ සම්බන්ධීකරණයෙන් යුත් සාමූහික ප්රයත්නයක් අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නාය.

















































