
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සිය ප්රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 446ක් රැස්කරගැනීමට සමත්විය.
ඒ අනුව ඔවුන් පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 12ක් ඉදිරියෙන් සිටිති.
තෙවන දිනය සඳහා ඊයේ (11) තරගය නතර කරනවිට ශ්රී ලංකාව කඩුලු 04ක් දැවී ලකුණු 404ක් ලබාසිටියේය.
ඒ අනුව සිව්වන දිනය ආරම්භවී ලකුණු පුවරුවට තවත් ලකුණු 42ක් එක්කරන විට ශ්රී ලංකා ඉනිමේ සෙසු හය දැවීගියේ පිතිකරුවන්ගේ වගකීම් විරහිත ක්රීඩා විලාශය යළිත් පෙන්නුම් කරමිනි.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 167ක්, නායක කුසල් මෙන්ඩි ලකුණු 119ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 58ක් රැස්කළහ.
පන්දුයැවීමේදී ශකිබ් ඛාන් ලකුණු 130කට කඩුලු 07ක් බිඳහෙළුවේය.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 09ක් දැවි ලකුණු 434ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදී.
එහිදී සෞඩ් ශඛීල් ලකුණු 93ක් ලබාගත් අතර පන්දුයැවීමේදී අසිත ප්රනාන්දු සහ ඩිල්ෂාන් මධුසංඛ කඩුලු තුන බැගින් බිඳහෙළීමට සමත්විය.
තරගය පැවැත්වෙන්නේ, රාවල්පිණ්ඩි ක්රිකට් ක්රීඩාංගණයේදීය.
















































