
යුරෝපා තරග සංචාරයක නිරත වෙමින්, ලෝක ශ්‍රේණිගත කිරීමේ මේස පන්දු තරගාවලි 03 කට සහභාගී වී රන් පදක්කම් 04 ක් දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලාංකික ලෝක ශූර මේස පන්දු ක්‍රීඩක තාවි සමරවීර අද (12) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඉතාලිය ලිග්නානෝ නුවර ඉකුත් ඔක්තෝබර් 21 සිට 24 දක්වා පැවති වයස අවුරුදු 11 න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේදී රන් පදක්කමක්.
ස්ලෝවැකියාව සෙනෙක් නුවර ඔක්තෝබර් 25 සිට 28 දක්වා පැවති වයස අවුරුදු 11 න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේදී තවත් රන් පදක්කමක්.
මොන්ටිනිග්‍රෝ පොට්ගොරිකා නුවර නොවැම්බර් 03 සිට 07 දක්වා පැවති වයස අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීමේ තරගාවලි 02 කදී රන් පදක්කම් 02 ක්.
මෙසේ පදක්කම් රැසක් දිනා ගනිමින් රටට කීර්තියක් අත්කර දුන් චාවි සමරවීර අද උදෑසන 08:32 ට දෝහා නුවර සිට කටාර් ගුවන් සේවයේ QR-664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
ඔහුව පිළිගැනීම සඳහා ඔහුගේ සමීපතම ඥාතීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
















































