
මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ගොස් තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 08 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 1,912,233දෙනෙකු මෙරටට පැමිණ ඇත.
මේ අතර, නොවැම්බර් 1 වැනිදා සිට 08 වැනිදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 49,929 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවද සඳහන්.
වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස ඉන්දියාව වාර්තා අතර පෙරමුණේ පසුවෙයි.
ඒ අනුව, එම කාලය තුළ ඉන්දීය සංචාරකයින් 512,026 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
එක්සත් රාජධානියෙන් සංචාරකයින් 176,670 දෙනෙකු ද, චීනයෙන් සංචාරකයින් 126,326 දෙනෙකු ද, ජර්මනියෙන් සංචාරකයින් 108,754 දෙනෙකු ද මෙරටට පැමිණ ඇත.
එමෙන්ම, ඔක්තෝබර් මාසයේ පළමු දින 8 තුළ ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙනි.
එම කාලය තුළ ඉන්දීය සංචාරකයින් 12,401 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
















































