header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දේශගුණික විපර්යාස හමුවේ හදිසි ආපදා අවම කිරීමට පූර්ව සූදානම අත්‍යවශ්‍යයි - අගමැති හරිනි
දේශගුණික විපර්යාස හමුවේ හදිසි ආපදා අවම කිරීමට පූර්ව සූදානම අත්‍යවශ්‍යයි - අගමැති හරිනි
Mobitel 1278

දේශගුණික විපර්යාස හමුවේ ඇතිවන හදිසි ආපදා සහ අසාමාන්‍ය ස්වභාවික තත්ත්වයන්ට මුහුණදීමට මෙන්ම, ඒවායින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට නිරන්තර සූදානමකින් පසුවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

ආපදා කළමනාකරණය යනු එක් අංශයකට පමණක් සීමා නොවූ, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ක්‍රියාත්මක වන ඒකාබද්ධ මැදිහත්වීමක් විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ අද (10) නාරාහේන්පිට නිල මැදුරේ පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සහ සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, පසුගිය නොවැම්බර් 06 වැනි දා අධික වර්ෂාව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතිවූ හදිසි ජල ගැලීම් සහ ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.

කොළඹ දිස්ත්‍රික්කය සහ කොළඹ නගරය සුවිශේෂී භූගෝලීය හා නාගරික ලක්ෂණ සහිත ප්‍රදේශයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, වත්මානයේ මුහුණදීමට සිදුව ඇති ගංවතුර තත්ත්වයන් දිගු කාලයක් තිස්සේ නිසි විසඳුම් නොලැබුණු ගැටලු රැසක ප්‍රතිඵලයක් බව සඳහන් කළාය.

ඒ අනුව, කසළ කළමනාකරණයේ සිට අපද්‍රව්‍ය බැහැර කිරීම, ජල මාර්ග නිසිලෙස පවත්වාගෙන යාම සහ පහත් බිම් සංරක්ෂණය කිරීම දක්වා පුළුල් වැඩපිළිවෙළක් යටතේ මෙම ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බව ඇය පෙන්වා දුන්නාය. වසර ගණනාවක් තිස්සේ නිසි තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් උග්‍ර වී ඇති මෙම ගැටලු සඳහා තවදුරටත් ප්‍රමාද නොවී අවශ්‍ය නිවැරදි තීරණ ගනිමින් කටයුතු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

එමෙන්ම, ඇළවේලි සහ ජල මාර්ග පිරිසිදු කිරීම යනු ආපදා තත්ත්වයක් ඇති වූ විට පමණක් සිදුකරන කාර්යයක් නොව, අඛණ්ඩව සිදුකරන සහ නිරන්තර නඩත්තුවක් සහිතව පවත්වාගෙන යා යුතු ක්‍රියාවලියක් බවද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

මෙම සාකච්ඡාවේදී කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර විසින් කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර සහ වැසි ජලය පාලනය කිරීම සඳහා මේ වන විටත් ආරම්භ කර ඇති ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳව විස්තර ඉදිරිපත් කර ඇත.

කොළොන්නාව ගංවතුර පාලන ව්‍යාපෘතිය - කැලණි ගං මිටියාවතේ ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘතියට සමඟාමීව රුපියල් මිලියන 15,000කට වැඩි මුදලක් වෙන් කරමින් ආරම්භ කර ඇත.

කඩුවෙල ජල මාර්ග සංවර්ධනය - රුපියල් මිලියන 450ක වියදමින් සියලුම ජල මාර්ග පවිත්‍ර කොට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.

කොළොන්නාවේ ප්‍රධාන ඇළ මාර්ග පවිත්‍ර කිරීම - ප්‍රධාන ඇළ මාර්ග 4ක් පිරිසිඳු කොට සංවර්ධනය කිරීම.

කැලණි ගංගා ඉවුරු සංවර්ධනය - වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය.

මීට අමතරව, දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය, ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රජා ශක්ති වැඩසටහන පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ