
අමෙරිකානු අරමුදල් යොදාගනිමින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන රටවලට වොෂින්ටන් පාලනය විසින් ලබාදෙන මූල්‍ය හා හමුදාමය ආධාර නැවත සමාලෝචනය කරන ලෙස අලුතින් තේරී පත් වූ අමෙරිකානු සෙනෙට් සභික අබ්දුල් එල්-සයීඩ් ඉල්ලා සිටියි.
ඔහු මෙහිදී විශේෂයෙන් නම් කර ඇත්තේ පාකිස්තානය, ඊජිප්තුව, ජෝර්දානය සහ ඊශ්‍රායලය බව විදෙස් මාධ්‍ය පවසයි.
මිචිගන් ප්‍රාන්තයෙන් රිපබ්ලිකන් පක්ෂයේ මයික් රොජර්ස් පරාජයට පත්කරමින්, අමෙරිකානු සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු මුස්ලිම් ජාතිකයා ලෙස ඉතිහාසයට එක්වූ ඩිමොක්රටික් පක්ෂයේ අබ්දුල් එල්-සයීඩ් සඳහන් කළේ, ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බවට චෝදනා එල්ල වී ඇති රටවල් වෙනුවෙන් අමෙරිකානු බදු ගෙවන ජනතාවගේ මුදල් යෙදවීම නොකළ යුතු බවය.
ABC නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අමෙරිකාව සිය ක්‍රියාකාරකම් ජාත්‍යන්තර නීතියට අනුකූල බව තහවුරු කරගත යුතු බවත්, මෙම කරුණ ඊශ්‍රායලයට පමණක් සීමා නොවිය යුතු බවත්ය.
"යම් රටක් අප ලබාදෙන මුදල් යොදාගෙන ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන්නේ නම්, එම මුදල් ලබාදීම නැවැත්වීම හෝ සමාලෝචනය කිරීම ඒ සඳහා හොඳම ආරම්භයක්," යනුවෙන් ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
















































