
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (10) අවසන් විය.
ඒ වනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 114කි.
ඒ අනුව ඔවුන් පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 320ක් පිටුපසින් සිටින්නේ, කඩුලු 07ක් අතැතිවය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 40ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 22ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටිති.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 09ක් දැවි ලකුණු 434ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදී.
එහිදී සෞඩ් ශඛීල් ලකුණු 93ක් ලබාගත් අතර පන්දුයැවීමේදී අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුසංඛ කඩුලු තුන බැගින් බිඳහෙළීමට සමත්විය.
තරගය පැවැත්වෙන්නේ, රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
















































