
චීනය යනු දැවැන්ත නිෂ්පාදන බලයක්, විශාල ආර්ථික පරිමාණයක් මෙන්ම ධනවත් ව්‍යවසායකයින් රාශියක් සිටින රටකි. ලොව විශාලතම ආර්ථිකයන් අතුරින් එකක් වන චීනය, ගෝලීය වෙළඳාමේ ප්‍රබල නියමුවෙකි.
කෙසේවෙතත් චීනය තුළ ණය අර්බුදයක් මතුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම දැවැන්ත ආර්ථික ශක්තිය හමුවේ, පිටතට නොපෙනෙන බරපතළ ගැටලුවක් නිර්මාණය වෙමින් පවතින බවත් ඒ, චීනයේ සාමාන්‍ය ජනතාව මිලියන ගණනින් ලබාගත් පෞද්ගලික ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටීම බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Bloomberg Businessweek අනාවරණය කරන පරිදි, චීන පාරිභෝගිකයින් මිලියන 100කට ආසන්න පිරිසකට තම පෞද්ගලික ණය වාරික ගෙවා ගැනීම අතිශය අභියෝගයක් වී ඇති බව සඳහන් ය.
චීනයේ මෙම අක්‍රිය ණය වෙළඳපොළ තුළ ප්‍රධාන වශයෙන් හුවමාරු වන්නේ ණය පත් සහ පෞද්ගලික ණය ඇතුළු කිසිදු ඇපයක් නොමැතිව ලබාගත් පාරිභෝගික ණය බවද පැවසෙයි.
කෙසේ වෙතත්, නිවාස සහ වාහන ණය මෙයට ඇතුළත් නොවේ. ඒ සඳහා දේපළ හෝ වාහන ඇප ලෙස පවතින බැවින්, ණය දුන් ආයතනවලට තමන්ගේ මුදල් නැවත අය කර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතී.
















































