
බෙන්තොට වෙරළතීරයේ දී දියේ ගිලී විදෙස් ජාතිකයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා වෙරළ තීරයේ දියනාමින් සිටියදී දිය රළකට හසුව දියේ ගිලී මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි රුසියානු ජාතිකයෙකු බව සඳහන් වෙයි.
මෘතශරීරය බෙන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බෙන්තොට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















































