
ලෝක බැංකුවේ 2026 අන්තර්ජාතික ණය වාර්තාවට අනුව, පාකිස්තානයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය පසුගිය දශකය තුළ දෙගුණයකට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බව පැවසෙයි.
ඊට අනුව 2015 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 68.7 ක්ව පැවැති පාකිස්තානයේ විදේශ ණය ප්‍රමාණය 2025 වන විට ඩොලර් බිලියන 135.1 දක්වා අතිවිශාල ලෙස වර්ධනය වී තිබේ.
මෙම සමස්ත ණය මුදලින් ඩොලර් බිලියන 107.08 ක්ම රාජ්‍ය සහ රාජ්‍ය ඇපකර සහිත ණය වන අතර, රාජ්‍ය ඇපකර නොමැති පෞද්ගලික අංශයේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 17.58 ක් බව සඳහන්ය.
මීට අමතරව කෙටිකාලීන විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10.45 ක් ලෙස සටහන්වී තිබේ.
රාජ්‍ය සහ රාජ්‍ය ඇපකර සහිත ණය අතරින් වැඩිම කොටසක්, එනම් ඩොලර් බිලියන 56.83 ක් ලබාගෙන ඇත්තේ බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවලිනි.
ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 42.43ක් වෙයි.
පාකිස්තානයට වැඩිම ණය ප්‍රමාණයක් ලබාදී ඇති තනි රට බවට තවදුරටත් චීනය පත්වී සිටින අතර, පාකිස්තානය විසින් චීනයට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 22.4 ක් පමණ වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
















































