
ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් පිටව ගොස් තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කළ කැඳවීමකට අනුව ඒ මහතා අද (09) පෙරවරුවේ එහි පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස කැඳවා තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා රාජ්‍ය ආයතන දෙකකින් එකවර වැටුප් ලබාගනිමින් රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
















































