header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ග්‍රාමීය සංවර්ධන ප්‍රතිපාදන තනි ඒකාබද්ධ සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කළ යුතුයි - අමාත්‍ය උපාලි පන්නිල
ග්‍රාමීය සංවර්ධන ප්‍රතිපාදන තනි ඒකාබද්ධ සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කළ යුතුයි - අමාත්‍ය උපාලි පන්නිල
Mobitel 1278

ප්‍රජා සංවර්ධන සභා හරහා සකස් කරන තනි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන සැලැස්මකට අනුව සියලු සංවර්ධන ප්‍රතිපාදන යෙදවිය යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් දිරිගැන්වීමේ සමාරම්භක උත්සවයට ඊයේ (08) එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ගමේ සංවර්ධන ප්‍රමුඛතා තීරණය කිරීමේ බලය දේශපාලනඥයන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට පමණක් සීමා නොවිය යුතු බවත්, ඒවා තීරණය කළ යුත්තේ ගමේ ජනතාව විසින්ම බවත්ය.

ප්‍රජා සංවර්ධන සභාවලට ඍජු මූල්‍ය බලයක් නොමැති වුවද, මහජන මුදල් වංචාවෙන්, දූෂණයෙන් හා නාස්තියෙන් තොරව නිවැරදිව භාවිත වන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා සමාජ විගණනයක් සිදුකිරීමේ නිල බලය එම සභාවලට ලබාදී ඇති බවද ඔහු පැවසීය.

‘ප්‍රජා ශක්ති’ වැඩසටහන සඳහා වෙන්කරන මුදල්වලට අමතරව පළාත් සභා, රේඛීය අමාත්‍යාංශ, විමධ්‍යගත මන්ත්‍රී ප්‍රතිපාදන, පෞද්ගලික අංශයේ දායකත්වය සහ රාජ්‍ය නොවන සංවිධානවල ආධාර ද එම ඒකාබද්ධ සංවර්ධන සැලැස්මට අනුව යෙදවිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14,007ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන සඳහා 2026 වසරේ අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 25,000කි.

මේ වන විට එම වැඩසටහන යටතේ දිවයින පුරා සංවර්ධන ව්‍යාපෘති 15,711ක් ක්‍රියාත්මක වන අතර, ඉන් ව්‍යාපෘති 7,830ක් ජීවනෝපාය සංවර්ධනයටත්, ව්‍යාපෘති 7,881ක් යටිතල පහසුකම් සංවර්ධනයටත් අදාළ වේ.

කොළඹ දිස්ත්‍රික්කය සඳහා මේ යටතේ රුපියල් මිලියන 1,107ක් වෙන්කර ඇති අතර, ව්‍යාපෘති 751ක් ක්‍රියාත්මක කර තිබේ. එමගින් සෘජු ප්‍රතිලාභීන් 122,908 දෙනෙකුට ප්‍රතිලාභ සැලසීමට අපේක්ෂිතය.

හෝමාගම පැවති මෙම වැඩසටහන මගින් කෘෂිකර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, ආහාර නිෂ්පාදනය සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය යන ක්ෂේත්‍රවල ස්වයං රැකියාවල නිරත පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට ද අපේක්ෂා කෙරේ.

තවද, වසර තුනක් ඇතුළත රාජ්‍ය සේවකයන්ට අවම වශයෙන් සියයට 68ක වැටුප් වැඩිවීමක් ලබාදී ඇති බවත්, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ පුළුල් වගකීම ඉටු කිරීමට නිලධාරීන් කැපවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

MostRead
Mobitel 1278
VideoStories
අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ