
ඊජිප්තුවේ, කයිරෝ ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු මියගොස් තිබේ.
අනතුරින් තවත් පුද්ගලයින් 112දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගීසා සිට ෆයූම් දක්වා ගමන් කළ දුම්රියක් සහ කයිරෝ සිට අස්වාන් දක්වා ගමන් කළ තවත් දුම්රියක පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ අනතුර සිදුවීමත් සමඟ දුම්රිය කිහිපයක් පීලිපැන ඇති බවය.
එමෙන්ම අනතුරට හේතු වූ තාක්ෂණික හේතු සම්බන්ධයෙන් ඊජිප්තු බලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
















































