
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණ තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකළ කැඳවීමකට අනුව ඒ මහතා අද (09)පෙරවරුවේ එම කාර්යංශය වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බන්ඩාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එම කාර්යංශයට පැමිණ ඇති බව සඳහන්ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර සුගීෂ්වර බන්ඩාර රාජ්‍ය ආයතන දෙකකින් එකවර වැටුප් ලබා ගනිමින් රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ලවී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
















































