
ඕමානයට ආසන්න මුහුදු මාර්ගයක් ඔස්සේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාකයේ තෙල් අපනයනය කිරීමට අවසර ලබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ එකඟතාවකට එළඹ ඇති බව ඉරාක විදේශ අමාත්‍ය ෆුවාඩ් හුසේන් පවසයි.
විදෙස් මාධ්‍යයක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
ඉරානයේ යුද්ධය සහ තෙල් අපනයනයට එල්ල වූ බාධා හේතුවෙන් ඉරාකයට සිදුව ඇති ආර්ථික පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 60ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
මේ අතර, පසුගිය මාසයේදී දැඩි ලෙස පහත වැටුණු ඉරාකයේ තෙල් අපනයනය ඔක්තෝබර් මාසයේදී යළි යථා තත්ත්වයට පත්ව තිබේ.
ඉරාක බලශක්ති ක්ෂේත්රයේ නිලධාරීන්ට අනුව, සැප්තැම්බර් මාසයේදී දිනකට තෙල් බැරල් මිලියන 2.65ක් ලෙස පැවති අපනයන ප්‍රමාණය ඔක්තෝබර් මාසයේදී දිනකට බැරල් මිලියන 3.5ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත.
















































