header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙයි
සංවර්ධන නිලධාරීන්  අද ලෙඩවෙයි
Mobitel 1278

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා සේවයේ නිරත සංවර්ධන නිලධාරීන් අද (09) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතව තිබේ.

සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ අනුරාධ සෙනවිරත්න මහතා සඳහන් කළේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් එල්ල විය හැකි බවය. 

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, ගිණුම් අංශ, ඉඩම් අංශ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාල සහ ආගමන විගමන කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක අභ්‍යන්තර කටයුතුවලින් විශාල ප්‍රමාණයක් සංවර්ධන නිලධාරීන් විසින් සිදුකරන බැවින්, ඔවුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් එම කටයුතු අඩාල විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු පළාත් සභා නවය නියෝජනය කරන වෘත්තීය සමිති මෙන්ම මධ්‍යම රජය නියෝජනය කරන තවත් වෘත්තීය සමිති රැසක්ද එක්ව සිටින බව ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව වෘත්තීය සමිති 12ක එකතුවකින් මෙම ක්‍රියාමාර්ගය සංවිධානය කර තිබේ.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය සහ අදාළ විෂයභාර අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කරවා ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද අනුරාධ සෙනවිරත්න මහතා පැවසීය.

එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් අවධානයක් යොමු නොකරන්නේ නම්, ඉදිරියේදී මීට වඩා ප්‍රබල වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සූදානම් බවද සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


එහිදී අදහස් දැක්වූ නීතිඥ අනුරාධ සෙනවිරත්න මහතා,

''මේ රටේ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, පළාත් සභාවල, ගිණුම් අංශවල, ඉඩම් අංශවල, ඒ වගේම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (අයි.ඩී.) කාර්යාලවල සහ ආගමන විගමන කාර්යාලවල අභ්‍යන්තර කටයුතුවලින් විශාල කොටසක් සංවර්ධන නිලධාරීන් විසින් තමයි ඉටු කරනු ලබන්නේ. ඒ අනුව සංවර්ධන නිලධාරීන් සේවයට වාර්තා නොකිරීමත් සමඟ මෙම සියලු කටයුතු අඩාල වෙනවා. අපි මෙම ක්‍රියාමාර්ගයට එක්ව සිටින්නේ වෘත්තීය සමිති 12කින් සමන්විත සන්ධානයක් ලෙසයි. උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු පළාත් සභා නවය නියෝජනය කරන වෘත්තීය සමිති මෙන්ම මධ්‍යම රජය නියෝජනය කරන තවත් වෘත්තීය සමිති ගණනාවක්ද ඊට ඇතුළත් වෙනවා.

මේ සම්බන්ධයෙන් අපි මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. නැවත වතාවක් ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමිය සහ අදාළ විෂයභාර අමාත්‍යවරුන් වන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.එම සාකච්ඡා සඳහා සාධාරණ අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී තවදුරටත් ප්‍රබල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට අපි සූදානම්. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් සිටිනවා.''
 

MostRead
Mobitel 1278
VideoStories
ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ