
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.
මෙම පෙත්සම් ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී අධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දී තිබුණේ, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යෝජිත සංශෝධන තිබේ නම් ඒවා ලිඛිත දේශන මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.
ඒ අනුව නීතිඥවරුන් විසින් සිය ලිඛිත දේශන ඉකුත් බ්‍රහස්පතින්දා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඉන් අනතුරුව මෙම පෙත්සම් විභාගය අද දෙවැනි දිනටත් යළි ආරම්භ කිරීමට නියමිතය.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 26ක් ගොනු කර ඇත.
















































