
බංග්ලාදේශයේ ඩකා ජාතික ක්රීඩාංගණයේදී අද (8) පැවැති දකුණු ආසියානු පාපන්දු (SAFF) තරගාවලියේ ශ්රී ලංකාව සහ භූතානය අතර පැවති මූලික වටයේ තරගය ගෝල 2-2ක් ලෙස අවසන් විය.
මෙරට වේලාවෙන් රාත්රී 7.30ට ආරම්භ වූ මෙම තරගයේදී දෙපිළම තියුණු ක්රීඩා විලාසයක් ප්රදර්ශනය කළහ.
ඒ අනුව දෙපිළම සම ගෝල වාර්තා කිරීම හේතුවෙන් තරගය ජයපරාජයෙන් තොරව තරගය නිමාවිය.
1993 වසරේදී ආරම්භ වූ වසර 33ක ඉතිහාසයක් ඇති මෙම පාපන්දු තරගාවලියේදී, ශ්රී ලංකාව 1993 වසරේදී අනුශූරතාවත්, 1995 වසරේදී ශූරතාවත් දිනාගැනීමට සමත්ව ඇත.
කෙසේ වෙතත් 1995 වසරෙන් පසු මේ දක්වා කිසිදු අවස්ථාවක ශ්රී ලංකාව මෙම තරගාවලියේ අවසන් මහා තරගයකට හෝ සුදුසුකම් ලබා ගැනීමට සමත්වී නොමැත.
තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 15 වැනි වරටය.
ශ්රී ලංකාව එළැඹෙන 11 වැනිදා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිතව ඇත.
















































