
වැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල මට්ට්ම ඉහළයාමත් සමග ජලාශයේ වාන් දොරටු තුනම අඩි දෙක බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
එමගින් නිකුත් කරන ජලය වැල්ලවාය කිරිදිඔයට මුදා හැරීම නිසා කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහල ගොස් ඇත.
එම නිසා කිරිදිඔය භාවිතයට ගන්නා ජනතාව සහ කිරිදිඔය දෙපස ජනතාව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලබයි.
















































