
අද (8) සවස වර්ෂාවත් සමග හමාගිය දැඩි සුළගකින් නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටීමෙන් එහි නවතා තිබූ වාහන රැසකට හානි සිදුව තිබේ.
වාහන 4කට වැඩි සංඛ්‍යාවකට දැඩි හානි සිදුව ඇත.
මෙහිදී තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගතකර ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
















































