
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව පැයට කිලෝමීටර් 60-70ක පමණ තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැකිය.
අද(08) පස්වරු 1ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පෙරවරු 1 දක්වා වලංගු වෙයි.


















































