
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් හෙට(09) දිනයේ ලෙඩ නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේ බලධාරීන්ට අවස්ථා කිහිපයකදී සිය ගැටළු සම්බන්ධයෙන් දැනුම් දුන්නද මෙතෙක් ඒ සඳහා අවධානය යොමුව නොමැති බවයි.
ඒ අනුව හෙට දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කරන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.


















































