
නාවික හමුදාව විසින් මීගමුව කැපුම්ගොඩ මුහුදු ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් බීඩි කොළ කිලෝග්රෑම් හාරසිය විසිදෙකකට අධික තොගයක් සොයාගෙන තිබේ.
එහිදී එම මුහුදු ප්රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර එකොළහක් පරීක්ෂාවට ලක්කර ඇත.
මෙම බීඩි කොළ තොගය නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමා යන ලද බවට නාවික හමුව විසින් සැක කරනු ලබයි.
අදාළ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කළේය.














































