
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද මනෝජ් මුතුකුමාර හෙවත් ‘කයිවාරු මුතූ’ නැමැත්තාට පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.
සැකකරු අද (06) ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපළ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයට භාර දී තිබුණි.
පොලිසිය පැවසුවේ මෙම සැකකරු අවුරුදු 30ක් වූ කඩුවෙල, කොරතොට උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවය.
01. සැකකරුට එරෙහිව 2013 වසරේදී අතුරුගිරිය පොලිස් බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දූෂණයක් සිදු කිරීම,
02. 2026 වසරේ මීගහවත්ත පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම,
03. 2024 වර්ෂයේ නවගමුව පොලිස් වසමේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුන්අදහේන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීම,
04. 2024 වර්ෂයේ නවගමුව පොලිස් වසමේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට වෙඩි තබා අනර්ථයක් සිදු කිරීම,
05. 2024 වර්ෂයේ කොරතොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බයකින් අනර්ථවයක් සිදු කිරීම
06. දුරකථන ඇමතුම් ගෙන පුද්ගලයින් හට මරණ තර්ජන සිදු කිරීම යන චෝදනා ගොනුව ඇති බව පොලිසිය පැවසීය.
එමෙන්ම මෙම චෝදනා සම්බන්ධව සැකකරුට කඩුවෙල සහ හෝමාගම අධිකරණයන් හී නඩු කටයුතු විභාග වෙමින් පවතින බවත් අනාවරණය වී ඇතැයිද පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව සැකකරු මෙම අපරාධ සම්බන්ධව පැය 72ක රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.














































