
නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ වූ බවට සැකපිට පුද්ගලයෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (05) අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් කළමනාකරණය කරමින් එම තහනම් පිරමීඩ යෝජනා ක්රමයේ මුදල් ආයෝජනය කළ පුද්ගලයින්ගේ සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ බැංකු පනත යටතේ සිදුකළ විමර්ශනවලදී, නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම, මුදල් ඉපයීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම සහ කළමනාකරණය කිරීම මෙන්ම එහි මුදල් ආයෝජනය කළ පුද්ගලයින්ගේ සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.














































