
අත්අඩංගුවේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තාට නිවසින් ආහාර ලබා ගැනීමට සහ නීතිඥවරු හමුවීමට දැනට වඩා ප්‍රවේශය ලබාදීමට තිබෙන හැකියාව සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය අද(05) නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
ශිරාන් බාසික් රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම්දෙනු ලැබීය.
ශිරාන් බාසික් මේ වනවිට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්නකිරීම සිදුකරනු ලබයි.



















































