
ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් නීති විරෝධි ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 792ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් රැගත් කන්ටේනරයක් රේගු මධ්‍යම විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට ෆොටෝකොපි කඩදාසි සහ සාමාන්‍ය කඩදාසි ලෙස දැක්වෙන ව්‍යාජ ආනයනික ලියකියවිලි ඉදිරිපත් කරමින් මෙම ජාවාරම සිදු කිරීමට උත්සාහ දරා ඇත.
කඳාන ප්‍රදේශයේ පිහිටි ව්‍යාජ ලිපිනයක් සහ ලියකියවිලි සහිත සමාගමක් වෙත මෙම කන්ටේනරය ආනයනය කිරීමට සැකකරුවන් සැලසුම් කර තිබූ බව රේගු විමර්ශනවලදී අනාවරී වී තිබේ.
රේගු නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි කිරීමකදී අදාළ කන්ටේනරය තුළ තිබී සිගරට් කාටුන් 457ක් සොයාගෙන ඇත.
රට තුළට විවිධ සූක්ෂම ක්‍රමවේද ඔස්සේ මෙවැනි නීතිවිරෝධී භාණ්ඩ ගෙන ඒමේ ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් මේ වන විට දැඩි නීතිමය පියවර සහ පරීක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කර තිබේ.
මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



















































