
දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබුණු මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 189කට අධික බව නාවික හමුදාව පවසයි.
ඒ අනුව අදාළ ධීවර යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 132යි ග්‍රෑම් 026ක් සහ හෙරොයින් කිලෝ 57යි ග්‍රෑම් 220ක් සොයා ගෙන ඇති අතර, එහි වීථි වටිනාකම රු බිලියන 4.2ක් වන බවද නාවික හමුදාව සඳහන් කරයි.
දකුණු ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ඇතුළත් බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමකදී පසුගිය දා නාවික හමුදා භාරයට ගැනුණි.
ඒ අනුව එම ධීවර යාත්‍රාව අද උදෑසන දික්ඕවිය ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.
එහිදී අදාළ උරතුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයාගැනුණි.
මෙහිදී අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් පස්දෙනා අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
පොලීසිය සැක පළකරන්නේ, මෙම මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ මල්ලි නැමැත්තා විසින් මෙරටට එවා ඇති බවටය.
මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කිරීමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර, නාවික හමුදාපතිවරයා හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද පැමිණ තිබුණි.






















































