
10:07AM Update :- සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තාවලට අනුව මේ වනවිට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් සංඛ්‍යාව 26කි.
අදාළ පෙත්සම්වලින් සඳහන් කර තිබෙන්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවය.
ඒ අනුව අදාළ විධිවිධාන සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව ගණනාවක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
---------------------------------------------------------------------------------------------------------------------------------
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 26 ක් ඉදිරිපත් වී තිබේ.
එම පෙත්සම් අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.



















































