
ලෝක බැංකුවේ 2026 ඔක්තෝබර් දිළිඳුකම සහ සමානාත්මතාවය පිළිබඳ වාර්තාවට අනුව, 2011 සහ 2023 අතර කාලසීමාව තුළ ඉන්දියාවේ දිළිඳුකමේ අනුපාතය සියයට 57.7 සිට සියයට 16.1 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.
පහළ-මධ්‍යම ආදායම් දිළිඳුකම් සීමාවෙන් ඔබ්බට ජනතාව කෝටි 49.6 ක් පමණ ඉහළට පැමිණ ඇති බවද අදාළ වාර්තාව පෙන්වා දෙයි.
මේත් සමග ඉන්දියාව ගෝලීය වශයෙන් වේගයෙන්ම දිළිඳුකම අඩු කරගත් රටවල් අතරට එක් වෙයි.
කෙසේ වෙතත්, පවතින වේතන අසමානතාවන් සහ ස්ථාවර රැකියා සඳහා ප්‍රවේශයක් නොමැති ගෘහස්ථයන් අතර දිළිඳුකම ඒකරාශී වීමේ ප්‍රවණතාව කෙරෙහිද මෙම වාර්තාව අවධානය යොමුකර ඇත.
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, ගෘහස්ථ සුබසාධනය ඉහළ නැංවීමට සහ ආර්ථික අවස්ථා පුළුල් කිරීමට රජය දැරූ උත්සාහයන්ට මෙය හොඳම සාක්ෂියක් බවය.
ගෘහස්ථ පරිභෝජනය ඉහළ යාම, රැකියා අවස්ථා පුළුල් වීම සහ ආහාර සහනාධාර ඇතුළු සමාජ සුබසාධන ප්රතිලාභ සපයාදීම මෙම දිළිඳුකම පහත වැටීමට ප්‍රධාන හේතු ලෙස ලෝක බැංකුව පෙන්වා දෙයි.



















































