header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දිවයිනේ ප්‍රදේශ 5ක මාරක අනතුරු - තරුණයෙකු ඇතුළු 5දෙනෙකු මරුට
දිවයිනේ ප්‍රදේශ 5ක මාරක අනතුරු - තරුණයෙකු ඇතුළු 5දෙනෙකු මරුට
Mobitel 1278

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් තරුණයෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බදුරලිය - මතුගම මාර්ගයේ කිලෝමීටර් 58 කණුව ආසන්නයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් ඇත.

ලොරි රථයක් වෙළෙඳසැලක රථගාලට ඇතුළු කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු බදුරලිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර, පසුපැදිකාරිය නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ බදුරලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, බදුරලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර, අම්පාර - බිබිල මාර්ගයේ රත්මල්ගහඇල්ල ප්‍රදේශයේදී මාර්ගය අයිනේ රැඳී සිටි පුද්ගලයෙකු යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ එම පුද්ගලයා ඉඟිණියාගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ රත්මල්ගහඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරට සම්බන්ධ යතුරුපැදිය පලාගොස් ඇති අතර, එහි රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා ඉඟිණියාගල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර, කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල අධිකරණ සංකීර්ණය අසලදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහනුවර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී පසුපැදිකාරිය මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි කාන්තාවකි.

මේ අතර, කන්දකැටිය ප්‍රදේශයේ මහියංගණය මාර්ගයේ 16 වැනි කණුව ආසන්නයේදී සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහියංගණය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් කැබ් රථයේ රියැදුරු සහ පිටුපස ගමන් කළ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පිටුපස අසුනේ ගමන් කළ පුද්ගලයා මියගොස් ඇත.

තුවාල ලැබූ රියැදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට මාරු කර යවා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අරාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

එමෙන්ම, හාලිඇල - වැලිමඩ මාර්ගයේ හාලිඇල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් 73 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැලිමඩ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

අනතුරට සම්බන්ධ ත්‍රිරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, හාලිඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

MostRead
Mobitel 1278
VideoStories
 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

 වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

 “පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

“පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

 2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

 සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

Mobitel 1278
Lassana Flora
Spotlight
 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

 TIN ගන්න ජනතාව පොරකති

TIN ගන්න ජනතාව පොරකති

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...