
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂක නිලධාරියෙකු විසින් බස් රථයක ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම වෙනුවෙන් රුපියල් 20,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය හමුවේ වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ දඩ මුදලක් නියමකර තිබේ.
රංජිත් කොටුපිටිය නමැත්තෙකුට එරෙහිව මෙලෙස අධිචෝදනා 04ක් යටතේ නඩු පවරන ලද අතර, නඩුව විමර්ශනය කිරීමෙන් අනතුරුව චූදිතයාට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වීම හේතුවෙන් කොළඹ අංක 06 මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.
ඒ අනුව, විත්තිකරුට වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, රුපියල් 40,000ක දඩ මුදලක් ද නියම කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් එහි සහකාර අධ්යක්ෂ නීතිඥ කසුන් ප්‍රනාන්දු ගුණවර්ධනසූරිය මහතා විසින් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ලදී.



















































