
2026 වර්ෂය සඳහා වූ ප්‍රධාන ඡන්දහිමි නාමලේඛනය හා 2026(1) පරිපූරක ඡන්දහිමි නාමලේඛනය අනුව එක් එක් මැතිවරණ කොට්ඨාසයේ ඡන්දහිමියන් සංඛ්‍යාව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ.
මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98 වන ව්‍යවස්ථාවේ (8) වන අනු ව්‍යවස්ථාවේ නියමය අනුව එක් එක් මැතිවරණ කොට්ඨාසය සඳහා තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රී සංඛ්‍යාව ද මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර තිබුණි.
ඒ හා සම්බන්ධ අංක 2511/02 දරන අති විශේෂ ගැසට් නිවේදනය ඔක්තෝබර් 19 වැනි දින නිකුත්කර ඇති බව බවද අදාළ නිවේදනය මඟින් එම කොමිසම සඳහන් කර ඇත.




















































