
අද (03) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද දිනයේදී 1983 කලු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත් ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාව අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඊට අමතරව අද දිනයේදී ආණ්ඩු පක්ෂය විසින් ගෙනඑනු ලබන මැදපෙරදිග යුදමය වාතාවරණයෙන් මෙරට සිදුව ඇති බලපෑම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.
කෙසේවෙතත් කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙන ලද විශ්වාසභංග යෝජනාවේ අන්තර්ගත ඇතැම් කරුණු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ප්‍රකාරව සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස දැනුම්දී තිබුණ ද එලෙස යෝජනාවක් යළි ඉදිරිපත් නොවූ බැවින් පෙර තීරණය කර තිබු පරිදි අදාළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම අද දිනයේ සිදුනොවන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
සජීවී විකාශය පහතින් නරඹන්න..



















































