header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
ජර්මනියේ Gen Z විරෝධතා ප්‍රචණ්ඩ වෙයි
ජර්මනියේ Gen Z විරෝධතා ප්‍රචණ්ඩ වෙයි
Mobitel 1278

අධ්‍යාපන පහසුකම් ඉහළ නංවන ලෙසත්, ජීවන වියදම අඩු කරන ලෙසත් ඉල්ලා ජර්මනියේ ප්‍රධාන නගර රැසක විරෝධතා ආරම්භ කර තිබේ.

'Gen Z regelt' නම් තරුණ සංවිධානය විසින් ජර්මනියේ බර්ලින්, ෆ්‍රැන්ක්ෆර්ට් සහ මියුනිච් ඇතුළු නගර 34ක මෙම විරෝධතා සංවිධානය කර ඇත.

අනිවාර්ය හමුදා සේවයට විරෝධය පළ කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයට වැඩි ආයෝජනයක් ලබාදීම සහ තරුණ පරපුර මුහුණ දෙන ඉහළ යන ජීවන වියදමට විසඳුම් ලබා ගැනීම මෙම විරෝධතාවල ප්‍රධාන ඉල්ලීම් වී තිබේ.

යුරෝපය පුරා මේ වසරේ පැතිර ගිය Gen Z තරුණ පරපුරේ විරෝධතා රැල්ලේ තවත් දිගුවක් ලෙස මෙම විරෝධතා සැලකෙන බව ද වාර්තා වේ.

සර්බියාවේ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය එරට දිගු කලක් බලයේ සිටි නායකයා මැතිවරණයෙන් පරාජය කිරීමට දායක වූ අතර, ප්‍රංශයේ විරෝධතා ඇතැම් අවස්ථාවල ප්‍රචණ්ඩ ක්‍රියා සහ කොල්ලකෑම් දක්වා වර්ධනය වී තිබේ.

කෙසේවෙතත් ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ පැවති මෙම විරෝධතා අතරතුර මුහුණු ආවරණය කරගත් පිරිස් වෙළෙඳසැල් කොල්ලකෑමට සහ දේපළවලට හානි කිරීමට කටයුතු කිරීමත් සමඟ තත්ත්වය ප්‍රචණ්ඩකාරී වී ඇත.

එහිදී වෙළෙඳසැල් දෙකක් පමණ කොල්ලකා ඇති අතර තවත් වෙළෙඳසැල් කිහිපයකට හානි සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම හැම්බර්ග් නගරයේ ඇතැම් මාර්ග බාධකවලට ගිනි තබා ඇති අතර පොලිසිය මේ වන විට තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර ඊයේ (31) නිකුත් වූ නිල සංඛ්‍යාලේඛනවලට අනුව විරෝධතාවලට සහභාගී වූ පිරිස සංවිධායකයන් මුලින් අපේක්ෂා කළ 182,000ක සංඛ්‍යාවට වඩා පහළ අඟයක් බවද සඳහන්.

ෆ්‍රැන්ක්ෆර්ට්, මියුනිච් සහ බර්ලින් නගරවල පමණක් විරෝධතාකරුවන් 18,000ක් පමණ සහභාගී වී ඇති බව පොලිසිය සඳහන් කර ඇත.

හැලොවීන් උත්සව පැවැත්වෙන කාලසීමාවට සමගාමීව පැවති මෙම විරෝධතා බොහෝ දුරට සාමකාමීව පැවති බව ජර්මානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, අන්තවාදී කණ්ඩායම් මෙම විරෝධතා ව්‍යාපාරය තම අරමුණු සඳහා යොදාගැනීමට උත්සාහ කළ හැකි බවටද ඔවුන් අනතුරු අඟවා ඇත.

විරෝධතාවලට එක්වෙමින් 'Gen Z regelt' සංවිධානයේ ප්‍රකාශිකා ලීනා ෆ්‍රෙඩ්රික් බර්ලිනයේදී සඳහන් කර ඇත්තේ යුද්ධය සහ බලහත්කාරය වෙනුවට සාමය හා නිදහස වෙනුවෙන් තමන් පෙනී සිටින බවය.

සෞඛ්‍ය හා අධ්‍යාපන පද්ධති සඳහා වැඩි සහයෝගයක් ලබාදීම තම ප්‍රධාන ඉල්ලීම බවත්, අනිවාර්ය හමුදා සේවයට තමන් විරුද්ධ වන අතර සමාජයේ බර සාධාරණ ලෙස බෙදී යා යුතු බවත් ඇය ප්‍රකාශ කර තිබේ.

ජර්මනියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, එරට අන්තවාදී වාමාංශික කණ්ඩායම්වල ඇතැම් කොටස් සහ විදේශීය අන්තවාදී ව්‍යාපාර සමඟ සම්බන්ධ ඇතැම් කණ්ඩායම් ද මෙම විරෝධතා සඳහා සහයෝගය ලබාදීමට උත්සාහ කර තිබේ.

හෙසන් ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රෝමන් පොසෙක් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රංශයේ සිදු වූ වෙළෙඳසැල් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ පොලිස් නිලධාරීන්ට පහරදීම් වැනි සිදුවීම් ජර්මනි‍ය ආදර්ශයක් කර නොගත යුතු බවය.

යුරෝපයේ විශාලතම ආර්ථිකය හිමි ජර්මනිය මේ වන විට ආර්ථික වර්ධනය යළි ඇති කරගැනීමේ අභියෝගයකට මුහුණ දෙමින් සිටී.

එමෙන්ම එරටේ වැඩකරන වයසේ ජනගහනය අඩුවීම හේතුවෙන් විශ්‍රාම වැටුප් සහ රාජ්‍ය සේවා පද්ධති කෙරෙහිද වැඩි පීඩනයක් එල්ල වී තිබේ.

කෙසේ වෙතත්, මෙම විරෝධතා ව්‍යාපාරය සැබෑ ලෙසම තරුණ පරපුර විසින් මෙහෙයවනු ලබන්නේද යන්න පිළිබඳවද ප්‍රශ්න මතුව තිබේ.

ඒ සඳහා විවිධ දේශපාලන සහ සිවිල් සමාජ කණ්ඩායම් සම්බන්ධ වී සිටීම ඊට හේතුවයි.

ජර්මනියේ ජාතික පාසල් ශිෂ්‍ය සංවිධානය වන BSK මෙම විරෝධතා ව්‍යාපාරයෙන් ඈත්ව සිටින බව ප්‍රකාශ කර ඇති අතර, නොවැම්බර් 20 වැනිදා වෙනම විරෝධතා දිනයක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.
 

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්