
හොංකොං සික්ස්සස් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්රේලියාව හා ඇෆ්ගනිස්තානය සමත්ව ඇත.
එම තරගය මෙරට වේලාවෙන් අද (1) ප.ව. 12.40ට ආරම්භවීමට නියමිතය.
මේ අතර මෙම තරගාවලියේ දැඩි පසුබෑමකට ලක්ව සිටි ශ්රී ලංකාව 7වැනි ස්ථානය සඳහා සුදුසුකම් ලබාසිටි අතර, අද උදෑසන පැවති එම තරගයෙන් ඔවුන් සත්කාරක හොංකොං හමුවේ එක් ලකුණකින් පරාජය විය.
පළමුව පන්දුවට පහරදුන් හොංකොං පන්දුවාර 6 තුළදී ලකුණු 119ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 118ක් පමණි.
මූලික වටයේ 'බී' කාණ්ඩයෙන් ක්රීඩාකළ ශ්රී ලංකාවට එම වටයේදී පරාජය කළ හැකිවූයේ බංග්ලාදේශය පමණක් වූ අතර, එම තරගාවලිය පුරා ශ්රී ලංකාව ලැබූ එකම ජයවිය.
එම වටයේදී ස්කොට්ලන්තය හමුවේද පරාජය වූ ශ්රී ලංකාවට කුසලාන වටයට පිවිසීමට නොහැකි විය.
ඉන් අනතුරුව පළඟ ශූරතාව වෙනුවෙන් වූ අවසන් පූර්ව තරගයට ක්රීඩාකළ ශ්රී ලංකාව එවර ඕමානය හමුවේද කඩුලු 5ක පරාජයක් ලැබීය.



















































