
පැවැති අයහපත් කාලගුණය සහ ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට පවුල් 5,800කට අයත් පුද්ගලයින් 21,356ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.
එම මධ්යස්ථානය සඳහන් කර ඇත්තේ පසුගිය මස 23 වැනි දින සිට අද (01) දින දක්වා වූ කාලය තුළ මෙම ප්රමාණය වාර්තා වී ඇති බවය.
පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා දිස්ත්රික්ක 19ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 137ක් සඳහා බලපෑම් එල්ල වී ඇති බවද එම මධ්යස්ථානය සඳහන් කළේය.
මේ හේතුවෙන් පුද්ගල මරණ 06ක් සහ තුවාලකරුවන් 08ක්ද වාර්තා වී ඇති අතර පුද්ගලයින් 03 දෙනෙකු අතුරුදන්ව තිබේ.
එමෙන්ම මෙම කාලගුණික තත්ත්වය යටතේ පූර්ණ නිවාස හානි 08ක් සහ අර්ධ නිවාස හානි 737ක්ද වාර්තා වී ඇත.
අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ රත්නපුර දිස්ත්රික්කයට වන අතර එහි ප්රාදේශීය ලේකම් කොට්ඨාස 15ක පවුල් 2,666කට අයත් පුද්ගලයින් 10,051ක් බලපෑමට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කළේය.
දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්රික්කයට වන අතර එහි ප්රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පවුල් 1,850කට අයත් පුද්ගලයින් 6,900කට පැවැති අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇත.



















































