header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඩොලර් බිලියන 6.3ක ක්‍රිප්ටෝ සොරකමේ පාඩුවෙන් 90%ක් පියවීමට Binance සමත් වෙයි
ඩොලර් බිලියන 6.3ක ක්‍රිප්ටෝ සොරකමේ පාඩුවෙන් 90%ක් පියවීමට Binance සමත් වෙයි
Mobitel 1278

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ආයතනයක් වන Binance සමාගමට එල්ල වූ දැවැන්ත සයිබර් ප්‍රහාරයෙන් සොරකම් කරන ලද අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක වත්කම්වලින් 90%කට සමාන වටිනාකමක් නැවත ආවරණය කිරීමට එම සමාගම සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ඔක්තෝබර් 29 වැනිදා Binance සමාගමේ අන්තර්ජාලයට සම්බන්ධ ක්‍රිප්ටෝ මුදල් පසුම්බි පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් අදාළ වත්කම් සොරකම් කර තිබුණි.

ක්‍රිප්ටෝ මුදල් ඉතිහාසයේ වාර්තා වූ විශාලතම සොරකම ලෙස සැලකෙන මෙම සිදුවීමෙන් පසු පරිශීලකයින්ට සිදුවන මූල්‍ය පාඩුව සම්පූර්ණයෙන් ආවරණය කිරීමට Binance සමාගම ප්‍රතිඥා ලබාදී තිබේ.

ඒ අනුව සමාගමේ අරමුදල් සහ ආරක්ෂිත සංචිත භාවිත කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 6.34කට අධික මුදලක් ඒ සඳහා වෙන්කර ඇති අතර, සොරකම් වූ වත්කම්වල වටිනාකමින් 90%කට සමාන ක්‍රිප්ටෝ වත්කම් නැවත සපයා ඇති බව එම සමාගම නිවේදනය කර ඇත.

ඉතිරි 10%ක වත්කම් ප්‍රමාණය ද නැවත සපයා දීමට කටයුතු කරන බවත්, එම වත්කම් වෙළෙඳපොළෙන් ලබාගැනීමේ අපහසුතා හේතුවෙන් ඊට වැඩි කාලයක් ගතවිය හැකි බවත් සමාගම පෙන්වා දී තිබේ.

මේ අතර Binance සමාගමේ සම ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් ටෙන්ග් සඳහන් කර ඇත්තේ සොරකම් වූ වත්කම්වල වටිනාකමින් 90%ක් මේ වනවිට ආවරණය කර ඇති අතර, ඉතිරි 10% ද ආවරණය කිරීමට කැපවී සිටින බවය.

මෙම සයිබර් ප්‍රහාරයෙන් ඇති වූ මූල්‍ය පාඩුව පරිශීලකයින් වෙත පැවරීමට කටයුතු නොකරන බව ද ඔහු අවධාරණය කර තිබේ.

අදාළ සයිබර් ප්‍රහාරය උතුරු කොරියානු රාජ්‍ය අනුග්‍රහය ලබන බවට සැලකෙන TraderTraitor නමැති හැකර් කණ්ඩායම විසින් සිදුකර ඇති බවට අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම බ්ලොක්චේන් තාක්ෂණය පිළිබඳ විශ්ලේෂණ ආයතන කිහිපයක් ද මෙම සයිබර් ප්‍රහාරයට උතුරු කොරියානු හැකර්වරුන් සම්බන්ධ බවට සැක පළකර තිබේ.

ප්‍රහාරය සිදුකළ පිරිස සිය අනන්‍යතාව සහ ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි සැඟවීම සඳහා දියුණු තාක්ෂණික ක්‍රම භාවිත කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

මෙම සොරකම 2025 වසරේ පෙබරවාරි මාසයේදී Bybit ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ආයතනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක වත්කම් සොරකම් කිරීමේ සිද්ධිය ද අභිබවා ගොස් තිබේ.

මේ අතර සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව Binance සමාගම සිය පරිශීලකයින්ගේ මුදල් ආපසු ලබාගැනීමේ සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් අතර, එම සේවාව නොවැම්බර් 01 වැනිදා නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2017 වසරේ ආරම්භ කරන ලද Binance සමාගම ලොව ප්‍රමුඛතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාවක් වන අතර, එමගින් ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ට ඩිජිටල් වත්කම් මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීමේ පහසුකම් සපයයි.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්