
ශ්රී ලංකාව ඇතුළු රටවල් 11ක මාධ්ය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ ජාත්යන්තර මාධ්ය පුහුණු වැඩසටහනක් ඉන්දියාවේ කොල්කතා නුවරදී ආරම්භ වී තිබේ.
ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා ආරම්භ වූ මෙම පුහුණු වැඩසටහන නොවැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්යාංශයේ ITEC වැඩසටහන යටතේ සංවිධානය කර ඇති මෙම පාඨමාලාව කොල්කතා නුවර පිහිටි සත්යජිත් රායි චිත්රපට හා රූපවාහිනී ආයතනයේදී (SRFTI) පැවැත්වේ.
'සංවර්ධන සන්නිවේදනය උදෙසා විකාශන පුවත් නිෂ්පාදනය' යන තේමාව යටතේ ක්රියාත්මක වන මෙම පාඨමාලාව මඟින් සංවර්ධන සන්නිවේදනය සහ විකාශන පුවත් නිෂ්පාදනය සම්බන්ධයෙන් මාධ්යවේදීන්ගේ වෘත්තීය දැනුම හා කුසලතා වර්ධනය කිරීම අරමුණු කර තිබේ.
එමෙන්ම මෙම වැඩසටහන සඳහා මාලදිවයින, රුසියාව, ඊජිප්තුව, සිම්බාබ්වේ, ඉක්වටෝරියල් ගිනියාව, මලාවි, ජිබුටි, ටැන්සානියාව, මොරිටේනියාව සහ ලයිබීරියාව යන රටවල් නියෝජනය කරමින් මාධ්යවේදීන් එක්ව සිටී.
මෙම වැඩසටහන අතරතුර නියෝජිත පිරිස කොල්කතා දුර්දර්ශන් කේන්ද්රයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.
ජාත්යන්තර මාධ්ය සහයෝගිතාව, සංස්කෘතික හුවමාරුව මෙන්ම මාධ්යවේදීන් අතර වෘත්තීය සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ඉන්දීය රජයේ අනුග්රහයෙන් මෙම පුහුණු වැඩසටහන ක්රියාත්මක වේ.






















































