
බගවන්තලාව ප්රදේශයේ ඇළ මාර්ගයක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව, චැපල්ටන් වතුයායේ පදිංචිව සිටි තිරු නාගරාජා නැමැති 46 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා ඊයේ (30) රාත්රියේ බගවන්තලාව, මෝරා වතුයායේ පැවති ඥාතියෙකුගේ අවමංගල්ය උත්සවයකට සහභාගී වී, පා ගමනින් නිවස බලා පැමිණෙමින් සිට ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය සැක පළ කරන්නේ, එලෙස නිවස බලා පැමිණෙමින් සිටියදී අදාළ පුද්ගලයා කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින මෙම ඇළ මාර්ගයට වැටී මියයන්නට ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



















































