
ඉන්දියානු නාවික හමුදාව විසින් ප්රථම වරට සංවිධානය කරනු ලබන ‘BIMSTEC – 2026’ අභ්යාසය සඳහා දිවයිනෙන් පිටත්වූ නාවික හමුදාවේ ගජබාහු නෞකාව අන්දමන් හා නිකෝබාර් දූපත් වෙත ළඟා වී තිබේ.
එහිදී ඉන්දීය නාවික හමුදාව විසින් ගජබාහු නෞකාව නාවික හමුදා සම්ප්රදායානුකූලව පිළිගැනීම සිදුකෙරිණි.
ඊයේ (30) දින ආරම්භ වූ මෙම අභ්යාසය එළැඹෙන 03 වැනි දින දක්වා වරාය සහ මුහුදු අදියර වශයෙන් අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ සඳහා BIMSTEC සාමාජික රාජ්යන්ගේ නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකායන් නියෝජනය කරමින් යුද නෞකා සහ අනෙකුත් බලකා සහභාගී වේ.
ඒ අනුව, අන්දමන් සහ නිකොබාර් දූපත් වෙත අණදෙන ප්රධානී වයිස් අද්මිරාල් Vineet McCarty ගේ ප්රධානත්වයෙන් පැවති ‘BIMSTEC – 2026’ සමුද්රීය ආරක්ෂක අභ්යාසයේ සමාරම්භක දිනයේදී, එහි ආරක්ෂක ක්රමවේද ඇතුළු අභ්යාසයේ ක්රියාකාරකම් පිළිබඳව අභ්යාසය සඳහා සහභාගීවන පාර්ශව දැනුවත් කරනු ලැබීය.
තවද ශ්රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් අශෝක වීරසේකර මෙම අභ්යාසයේ සමාරම්භක දිනයට සමඟාමීව නිල හමුවීම් සඳහාද එක්විය.
























































