
මුම්බායි ඉන්දියන්ස් පුහුණුකාර මණ්ඩලයේ තවත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ අනුව එහි පුහුණුකාර මණ්ඩලයෙන් ශ්රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග ඇතුළු තිදෙනෙකු ඉවත් කර ඇති බව සඳහන්.
මාලිංගට අමතරව සහාය පුහුණුකරුවෙකු වූ පරාස් ම්හැම්බ්රේ සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ කාල් හොප්කින්සන් මෙලෙස පුහුණුකාර මණ්ඩලයෙන් ඉවත් කර තිබේ.
කෙසේ වෙතත් ඔවුන් වෙනුවෙන් පත්කළ නව නිලධාරීන්ගේ නම් මෙතෙක් ප්රකාශයට පත් කිරීමට මුම්බායි කළමනාකාරීත්වය කටයුතු කර නොමැත.
මීට පෙර මුම්බායි ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන වෙනුවට, බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි ක්රීඩක කිරන් පොලාඩ් පත් කිරීමට ද මේ වනවිට පියවර ගෙන ඇත.



















































