
ස්පාඤ්ඤයේ දින 03ක ජාතික ශෝක කාලයක් ප්රකාශයට පත්කර තිබේ.
දුම්රිය අනතුරකින් පුද්ගලයින් 68 දෙනෙකු මියයාමේ සිද්ධිය මුල්කර ගනිමින් එරට අග්රාමාත්යවරයා විසින් මෙම ශෝක කාලය ප්රකාශයට පත්කර ඇති බව සඳහන් වෙයි.
ස්පාඤ්ඤයේ ටොලේඩෝ ප්රාන්තයේදී අධිවේගී දුම්රිය 2ක් එකිනෙක ගැටීමෙන් ඊයේ සිදු වූ දුම්රිය අනතුරින් පුද්ගලයින් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.
අනතුර සිදු වූ ප්රදේශය ආශ්රිතව සහන සේවකයින් විසින් තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරන බව විදෙස් මාධ්ය වාර්තා කළේය.
මේ වසර තුළ ස්පාඤ්ඤයේ සිදු වූ දෙවන දරුණුතම දුම්රිය අනතුර මෙය වන අතර පසුගිය ජනවාරි මාසයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.



















































