
උස්බෙකිස්තානය පදනම් කරගත් Centrum Air සමාගම, ටෂ්කන්ට් සහ මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපොළ අතර ඍජු ගුවන් සේවා ආරම්භ කර ඇති බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යාංශය පවසයි.
ඒ හරහා ශ්රී ලංකාව සහ මධ්යම ආසියාව අතර නව ගුවන් සබඳතාවක් ගොඩනැගෙනු ඇති බව සඳහන්ය.
මෙරට සංචාරක කේෂ්ත්රය ද නව මාවතකට පැමිණෙනු ඇතැයි මේ තුළින් අපේක්ෂා කරන බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යාංශය නිවේදනය කළේය.
මෙම ගුවන් සේවය 2026 - 2027 මෙරට සංචාරක ඍතුව සඳහා සතියකට දෙවරක්, එනම් බදාදා සහ සෙනසුරාදා දිනවල ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම නව සේවාව සංචාරක කර්මාන්තයට සහාය වනු ඇතැයි ද, රටවල් දෙක අතර සම්බන්ධතාව ශක්තිමත් කරනු ඇතැයි ද අපේක්ෂා කෙරෙන බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.



















































