
ඔක්තෝබර් මාසයට අදාළ වැඩිහිටි දීමනා අද (29) සිට ප්රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 616,362 දෙනෙකු සඳහා රුපියල් 3,081,810,000ක මුදලක් වෙන් කර තිබේ.
එමෙන්ම, එම යෝජනා ක්රමයේ දෙවන අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 79,520 දෙනෙකු සඳහා රුපියල් 397,600,000ක මුදලක් වෙන් කර ඇත.
ඒ අනුව, අදියර දෙක යටතේ වැඩිහිටි ප්රතිලාභීන් 695,882 දෙනෙකු වෙනුවෙන් ඔක්තෝබර් මාසයට අදාළව ගෙවීමට නියමිත මුළු මුදල රුපියල් 3,479,410,000කි.
අදාළ ප්රතිලාභීන්ට අද (29) සිට තම අස්වැසුම බැංකු ගිණුම් මගින් වැඩිහිටි දීමනාව ලබාගත හැකිය.



















































