
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් නියෝග මත රඳවාගෙන සිටියදී ඉන් පලායාමට කුමන්ත්රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටි ප්රබල මත්ද්රව්ය ජාවාරම් කරුවකු බව කියන නදුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුගේ ඇප ඉල්ලීම් කොළඹ මහාධිකරණය අද(29) ප්රතික්ෂේප කළේය.
ඊට අමතරව තවත් විත්තිකරුවන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු විසින් කරන ලැබූ ඉල්ලීමද කොළඹ මහාධිකරණය විනිසුරු බුද්ධික සී රාගල මහතා විසින් ප්රතික්ෂේප කරනු ලැබීය..
නියෝගය ප්රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ මෙම විත්තිකරුවන්ට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට සිය අධිකරණය විසින් දුන් නියෝගයකට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇති බවයි.
එම තත්ත්වය යටතේ විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සහ නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීම් සලකා බැලිය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව එම ඉල්ලීම් ප්රතික්ෂේප කරන බවත් සඳහන් කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හරක් කටා මාර්ගගත ක්රමය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහිදී හරක් කටා අධිකරණය හමුවේ ප්රකාශයක් කරමින්. " ස්වාමීනි..මම ආතරයිටීස් රෝගයෙන් පෙළෙන පුද්ගලයෙක්. මගේ පාදයේ ඇතිවී තිබෙන ආබාධයක් නිසා ඇවිදීමට අපහසු තත්ත්වයක් ඇතිවී තිබෙනවා. මේ පිළිබඳව බන්ධනාගාර වෛද්යවරයා වෙත දැනුම් දුන්නත් රෝහල වෙත රැගෙන ගොස් ප්රතිකාර ලබා දීම සඳහා අධිකරණය නියෝගයක් අවශ්ය බව වෛද්යවරයා විසින් දැනුම් දුන්නා. ඒ අනුව අවශ්ය ප්රතිකාර ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා." යනුවෙන් සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම විත්තිකරුට අවශ්ය වෛද්ය ප්රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙස වැලිසර බන්ධනාගාරය වෙත දැනුම් දෙන්නැයි අධිකරණයේ රෙජිස්ට්රාර්වරයාට නියෝග කළේය.
ඉන් අනතුරුව මෙම නඩුව පෙබරවාරි මස 17 වනදා කැඳවන ලෙස නියම කළේය.



















































