
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටියදී සැකකටයුතු ලෙස මියගිය ඉෂාර හර්ෂ කුමාරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29) සිදුකිරීමට නියමිතව තිබේ.
කෙසේවෙතත් අදාළ මරණය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය විසින් ඊයේ (28) දිනයේ කැස්බෑව මහේස්ත්රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේහයේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අද දිනයට අදාළව අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බව පොලිසිය පැවසීය.
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය අත්අඩංගුවට ගෙන සිටි අදාළ සැකකරු මියයාමේ සිද්ධිය පසුගිය 25 වැනිදා වාර්තා විය.
කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නමැත්තා අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී පොලිස් පහරදීමකට ලක්වූ බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරයි.



















































